Friday, September 20, 2024

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

Must read

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි 5ක් ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.මෙම සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වයි.

පසුගිය වසරේදීද සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ චීන තානාපති කාර්යාලයේ සහ රජරට විශ්වවිද්‍යාලයයේ වෙබ් අඩවි මේ වසරේ දී ද සයිබර් ප්‍රහාරයට නතුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි. තවද ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වෙබ් අඩවියක්ද මේ වසරේ සයිබර් ප්‍රහාරයට ගොදුරු වී තිබේ.

වෙබ් අඩවි පවත්වා ගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම මෙලෙස එම වෙබ් අඩවි සයිබර් ප්‍රහාරයන්ට ලක්වීමට හේතුව බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article