Thursday, January 23, 2025

මෘත ශරීර බහාලන බෑග් ඇණවුම් කිරීමේ ඇත්ත

Must read

මෘත ශරීර බහාලන බෑග් 1000ක ප්‍රමාණයක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සිටිම සම්බන්දයෙන් මේ වන විට සමාජ මාධ්‍ය හරහා විවිධමත පළවෙමින් පැවතීම හේතුවෙන් එම සිදුවීම සම්බන්දයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදුකර ඇති පැහැදිලි කිරීම මෙසේය.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, තාක්ෂණික අවශ්‍යතාවක් අනුව, මෘත ශරීර බහාලුම් බෑග්, ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ තොග නිශ්චිත ප්‍රමාණයකින් පවත්වාගෙන යනු පිණිස තොග පවත්වා ගැනීමට ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සම්බන්ධීකරණයෙන් මෙරටට ලැබී ඇති අවස්ථාව අනුව ඉන් ප්‍රයෝජන ගැනීම පමණක් මෙහිදී සිදුව ඇති බවයි. ඒ හේතුවෙන් මේ සම්බන්දයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නොවන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එමෙන්ම මේ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට දැනට රට තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ තුළ එවැනි අවාසනාවන්ත තත්ත්වයක් කිසිදු අවස්ථාවක ඇති නොවන බවත් මෙරට කොරෝනා මරණ අනුපාතය ද, ඉතා පහළ මට්ටමක පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article