Monday, December 23, 2024

මූලික පහසුකම් නොමැතිකමින් ජර්මානු තාක්ෂණික ආයතනයේ සිසුන් විරෝධතාවයක

Must read

මූලික පහසුකම් නොමැතිකම නිසා  ජර්මානු වෘත්තීය පුහුණු ආයතනයේ සිසුන් (ඊයේ) විරෝධතාවක නිරත වුණා.දීර්ඝ කාලයක සිට වැසිකිළි ඇතුළු මූලික පහසුකම් පිළිසකර නොකිරීම හේතුවෙන් සිසුන්ගේ විරෝධතාවය මතුවී තිබුණි.

ජර්මානු වෘත්තීය පුහුණු ආයතනය අසලින් විරෝධතාවයක් ආරම්භ කළ සිසුන් ඒ9 මාර්ගයට ගොස් උද්ඝෝෂණයක් ද ආරම්භ කළ අතර පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීම සහ මූලික පහසුකම් ස්ථාපිත කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.

එම සමාගමේ අධ්‍යක්ෂ සහ විදුහල්පති ජී.ධර්මනාදන් මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව විරෝධතාව තාවකාලිකව අත්හිටුවන ලදී.

ටී.පරමශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article