Friday, December 27, 2024

මුලතිව් සමූහ මිනීවලේ එල්.ටී.ටී.ඊ කාන්තා සටන්කාමින්ගේ සිරුරු

Must read

2023.06.29 දින සවස මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි මඩි ප්‍රදේශයේ දී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල සම්බන්ධතාවක් සඳහා සඳහා ඉඩම කැණීමේදී පොළවේ වළ දමා තිබූ මිනිස් අස්ථි කොටස් සහ ඇදුම් සොයා ගන්නා ලදි.
මෙම ස්ථානයේ කැණීම් ඊයේ (06) වනදා අවසන් කළ අතර එහි තිබී මිනිස් මළ සිරුරු 13ක් හමුවී ඇත. මේ අතර ගැහැණු සහ පිරිමි අස්ථි කොටස් සොයාගන්නා තිබුණි .

මේ සමග තිබූ ඇදුම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇදුම් බවට ප්‍රෙද්ශයේ දේශපාලන ක්‍රියාකාරින් විසින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙම අස්ථි කොටස් එල්.ටී.ටී.ඊ කාන්තා සටන්කාමින්ගේ බවද හඳුනාගෙන තිබේ.

මුලතිව් දිසා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටී.ප්‍රදීපන් මහතා ඉදිරියේ කැණීම් කටයුතු මුලතිව් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වාසුදේව මහතා විසින් සිදු කරනු ලැබිය.

එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයින් සහ විවිධ මානව හිමිකම් නීතීඥයින්, අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ දේශපාලනඥයින් , මහජන සංවිධාන සහ මහජනතාව ඇතුළු බොහෝ දෙනෙකුගේ නිරීක්ෂණ මධ්‍යයේ මෙම කැණීම් සිදුකරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article