Sunday, December 22, 2024

මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම සාමකාමීව සිදුවෙයි

Must read

 

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් අද බ්‍රහස්පතින්දා (14) උදෑසන 7 සිට මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම ආරම්භ වී සාමකාමීව සිදුවෙමින් පවතී.

වන්නි මැතිවරණ කොට්ඨාශයේ මුලතිව් මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද මධ්‍යස්ථාන 137 ක ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරේ. උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමී ලෙස සිදු වූ නමුත් පසුව ජනතාව පැමිණ ඡන්දය ප්‍රකාශ කරන බව නිරීක්ෂණය විය.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 86,889ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, වැඩි පිරිසක් උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කරන බව නිරීක්ෂණය කළ හැකිය.

මේ අතර දැනට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා තමිල්රසු පක්ෂය නියෝජනය කරමින් තරඟ කරන අපේක්ෂකයෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් කලපාඩු උතුර ග්‍රාම නිලධාරී කාර්යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ලියාපදිංචි කළා.

මේ අතර ශ්‍රී ලංකා තමිල් රසු පක්‍ෂය නියෝජනය කරමින් වව්නියාව විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය කලනිති නවරත්නම් රවීන්ද්‍රකුමාරන් මහතා ශිවනගර් පාසලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකදී සිය ඡන්දය ලියාපදිංචි කළේය.

මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සම්මේලනයේ අපේක්ෂක උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය කන්තයා සිවනේෂන් මහතා කණුක්කේනි නැගෙනහිර ග්‍රාම නිලධාරී කාර්යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ලියාපදිංචි කළේය. ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article