Saturday, September 21, 2024

මුලතිව් ඡන්ද විමසීම සාමකාමියි

Must read

මුලතිවි ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 137ක ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා සාමකාමීව සිදුවේ.
9 වැනි විධායක ජනපතිවරණයට මුලතිවි ප්‍රදේශයේ සියලු කටයුතු සූදානම් කර අවසන් බැවින් අද සෙනසුරාදා (21) පෙරවරු 7 සිට දිස්ත්‍රික්කයේ තෝරාගත් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරේ.

වන්නි මැතිවරණ බල ප්‍රදේශයේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 137 ක ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරේ.

උදෑසන ඡන්ද විමසීම මන්දගාමීව සිදු වූ නමුත් පසුව ජනතාව පැමිණ ඡන්දය ප්‍රකාශ කරන බව නිරීක්ෂණය විය.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 86,889ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

ඡන්දය ප්‍රකාශ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා දේශීය හා විදේශීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටිති.

විශේෂයෙන්ම යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම එහි ගොස් නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටිනවා.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම සාමකාමීව සිදුවෙමින් තිබීම විශේෂත්වයකි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article