Tuesday, December 24, 2024

මුන්දලමේ බිළිදෙක් පත්තෑයෙකුට බිලිවෙයි.

Must read

පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් පසු නිදියහනේදීම බිළිදෙකු මරණයට පත්වීමේ සෝදනීය පුවතක් මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්‍ර නැමති බිළිදෙකි.

මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් සමග එකම ඇඳක නිදන් සිට ඇති පියා වෙනම ස්ථානයක නිදාසිට ඇත. අලුයම සිය දරුවාගේ නිහඩතාවය හේතුවෙන් දරුවා පරීක්ෂා කිරීමේදී දරුවාගේ ශරීරය සීතලව තිබූ බව මව්පියෝ පවසති. ඉන්පසු දරුවා රෝහල වෙත ගෙන ගියත් හ් වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි. අනතුරව දරුවාගේ පියා නිවෙසට පැමිණ දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කරද්දි එහි සිට තරමක් විශාල පත්තෑයකු හමුවී ඇති බව පල්ලම පොලීසිය පවසයි.

මෙම මරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතය.

(ඡායාරූප – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article