පසුගිය 11 වැනි (11/03/2025) අඟහරුවාදා දින හදිසියේම මීගමුව නාගරික කොමසාරිස්වරියව කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට වාර්තා වුණි.
මේ සාකච්ඡාව ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු විසින් සංවිධානය කර තිබුන බවට සැලය.
මේ සඳහා මිගමුවේ මාලිමාවේ දෙදෙනෙකුද එක්ව සිටි බව වඩාත් විශ්වාසවන්ත ආරංචි මාර්ග හරහා දැනගන්නට ලැබුණි
පලාත් පාලන මැතිවරණයට අදාල කටයුතු සම්පාදනය කෙරෙමින් තිබියදි ජාතික ජනබලවේගයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයන්ගේ මුලිකත්වයෙන් පැවැතියා යැයි කියන මෙම විශේෂ රැස්විම අනියම් ආකාරයකින් මැතිවරණයට වාසිදායක අයුරින් ඉදිරි කටයුතු කරන ලෙසට දැනුම්දිමක්ද විය හැකි බව මිගමුවේ දේශපාලන කව අතර පවා මේ වන විට සංවාදයක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් මැතිවරණයක් මුව විටේ තිබියදි දේශපාලන අධිකාරිය මේ ආකාරයෙන් පරිපාලන අධිකාරියේ කටයුතු වලට ඇගිලි ගැසිම යනු බරපතල තත්වයයකි.
මේ අතර කොමසාරිස්වරිය පසුගිය සිකුරාදා මිගමු මහනගර සභාවෙි කම්කරුවන්ගේ විශේෂ රැස්විමක් කැදවා දැඩි ස්වරූපයකින් අවවාද කොට ඇතැයි වාර්තාවේ.
ලංසා පවුලට සම්බන්ධ බොහෝ සේවකයන් ඔවුන් වෙත පවරා ඇති රාජකාරි නොකොට නිකරුනේ කාලය නාස්ති කරනවා පමණක් නොව රාජකාරි වෙලාවල් තුල පවා වෙනත් අතිරේක රැකියාවන් වල පවා නිරත වන බව නගර සභාව තුල ප්‍රසිද්ධ රහසකි.
කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමතිලා දෙදෙනා සමගින් පැවැති රැස්විමෙන් පසු නගර සභා කම්කරුවන්ට තදින් කථා කිරිමට ඇය පෙළඹුනා විය හැකි යැයි නම සඳහන් කිරිමට අකමැති වු නිලධාරීයෙකු මිපුරට කියා සිටියේය.