Saturday, March 7, 2026

මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදා ගැනෙයි

Must read

මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන විසින් මිනිස්  ජාවාරම් කරනු ලැබ බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදා ගෙන මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සාර්ථකව කටයුතු කර ඇත. මෙම ක්‍රියාවලිය සාර්ථකව සිදුකිරීමට මියන්මාර සහ තායිලන්ත රජයන්හි සහයෝගය දී තිබේ. මෙම මුදා ගැනීම සිදුවූයේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදු කරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමකින් පසුවය.

විදේශ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කිරීමේදී මිනිස් ජාවාරම් ක්‍රම පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. විදේශ රැකියා අවස්ථා ලබා ගැනීමට පෙර රජය විසින් අනුමත කරන ලද ක්‍රියා පටිපාටි තරයේ පිළිපදින ලෙසත්, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධීකරණය කොට රැකියා අවස්ථා සත්‍යාපනය කර ගන්නා ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දෙනු ලැබේ.

‍ෙ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article