Thursday, September 19, 2024

මැතිවරණය වර්ජනය කරන්න යැයි ඉල්ලූ ගජේන්ද්‍රන්ගේ කණ්ඩායමට පුදුකුඩිරිප්පු පොලිසියෙන් බාධා

Must read

සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරි ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලමින් අද (12) මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ප්‍රචාරක කටයුතුවල නිරත වී ඇත.

මේ ආකාරයට අද දහවල් ඔවුන් පුදුකුඩිරිපු නගර් ප්‍රදේශයේ වාණිජ අලෙවිසැල්වල අත්පත්‍රිකා බෙදාහරිමින් ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය භාර නිලධාරියා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට බාධා කර ඇත. ඔවුන්ගෙන් පත්‍රිකා ලබාගෙන එම පත්‍රිකාවේ අන්තර්ගතය පිළිබඳව ඔවුන්ගෙන් විමසූ අතර දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

පසුව පුදුකුඩිරිප්පු පොලිසිය මුලතිව් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැනුම් දුන් අතර ඔවුන් එම ස්ථානයට ගොස් අත්පත්‍රිකා නිරීක්‍ෂණය කළේය. මැතිවරණ වියදම් ඇස්තමේන්තු කිරීමට නම් පත්‍රිකාවල මුද්‍රණාලයේ නම මුද්‍රණය කළ යුතු බැවින් පොලිසිය ඔවුන් සතුව තිබූ පත්‍රිකා කට්ටලයක් රාජසන්තක කර මුදා හැර තිබේ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article