Friday, September 20, 2024

මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන්න ඉල්ලූ පෙත්සම අද කැඳවයි

Must read

මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම අද(11) ‍දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

එමෙන්ම ජුනි මස 20 වනදා මහා මැතිවරණය පැවැත්වීමේ තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමඟි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම්ද මෙම විනිසුරුමඩුල්ල ඉදිරියේ කැදවනු ඇතැයිද වාර්ථා වෙයි.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයන් වන නලින් අබේසේකර සහ රත්නජීවන් හූල් හා නීතිපතිවරයා නම් කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article