Wednesday, October 16, 2024

මාධ්‍යවේදි සිවරාම් ඝාතනය ඇතුළු ප්‍රමුඛ පෙළේ සිද්ධින් 7 ක් ගැන කඩිනම් පරික්ෂණ …

Must read

2005 අප්‍රේල් 28 වැනිදා බම්බලපිටිය පොලිසිය අසලදී පැහැරගෙන ගොස් පසුදා පාර්ලිමේන්තුව අසලදී මළ සිරුරක් සොයා ගත් මාධ්‍යවේදිනී තාරකී සිවරාම් (ධර්මේරත්නම් සිවරාම් ලෙසද හැඳින්වේ) ගේ මරණය පිළිබඳ විමර්ශනය ද  ඇතුළු ආන්දෝලනාත්මක 2015 බැඳුම්කර ගනුදෙනුව සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රමුඛ පෙළේ සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ පොලිස් කොට්ඨාශ සමඟ සම්බන්ධීකරණය කරන ලෙස අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

. ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සහ 2011 වසරේ යාපනයේ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගනාදන් යන ක්‍රියාකාරීන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ඊට ඇතුළත්ය

පොලිස් නිලධාරියෙකුගේ මරණයට හේතු වූ වැලිගම ඩබ්ලිව් 15 හෝටලය අසල දෙසැම්බර් මාසයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කිරීමට ද උපදෙස් ලබාදී ඇති බව තල්දූව මහතා පැවසීය.

මේ අතර සිවාරම්ගේ ඝාතන පරික්ෂණ ඇරඹිම ගැන අද දිනයේ පුවත් පත් වලින් දැනගත් උතුරු නැගෙනහිර ජනයා ඒ පිළිබද සිය ප්‍රසාදය පළකළ බව එහි සිටින අපගේ මාධ්‍යවේදින් කියා සිටියහ.
නව රජය මාධ්‍යවේදි ඝාතන සම්බන්ධයෙන් මේ ආකාරයෙන් මුලපිරිම ගැන අගේ කරන අතරම දැනට ඝාතනයට ලක්ව ඇති මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනා පිළිබදව  අවධානය යොමු කර න ලෙස ඉල්ලා සිටිති.

එමෙන්ම ඔවුන් තවදුරටත් ඉල්ලා සිටින්නේ මෙය දෙමළ ඡන්ද ආකාර්ශනය කරගැනිම සදහා ගත් පියවරක් සේ නොපෙන්නට නම් ඝාතනයට ලක්වු අනෙකුත් මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගැනද පරික්ෂණ කඩිනම් කිරිමට පියවර ගත යුතු බවය.

චන්ද්‍රිකා සහ රාජපක්ෂ පාලන කාලය තුල මෙසේ ඝාතනයට සහ අතුරුදහන්කරනු ලැබු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනාගෙන් 41 දෙනෙකුම දමිල ජාතිකයන්ය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article