Saturday, September 21, 2024

“මළ සිරුරු බහාලන බෑග් ගැන ලියුම එළියට දාන්න ඇත්තේ GMOA එක” – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Must read

“මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර 1,000 ක් රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කළ ලිපිය එලියට දැම්මේ

වෙන කවුරුත් නොව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ( GMOA ) විය හැකි බව” රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

කොරෝනා මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර 1,000 ක් රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කළ ලිපිය මහජනතාව කැළඹෙන පරිදි එලියට දැම්මේ කව්දැයි රාජ්‍ය බුද්ධි අංශ වහාම සොයාබැලිය යුතු බවත්, එවැනි පුද්ගලයින්ට දඬුවම් දිය යුතු බවටත් ජනධිපතිවරයාගේ උපදේෂකයකු වන, ‘පොහොට්ටු’ පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ පළ කළ ෆේස්බුක් සටහනේ කරුණු සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් පළ කරමින් වෛද්‍ය බෙල්ලන මේ බව සදහන් කළේය.

“ඊයේ උදේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාවයක් ගියා GMOA සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් ව එම තැනින් ගලවන්න කුමන්ත්‍රණයක් කරනවා කියලා. එදාම හවස මේ ලිපිය එළියට එනවා. එතකොට සිද්ධින් ගලපා ගන්න පුළුවන් යැ”යි ද ඔහු පැවසීය.

එසේම එම ලිපිය යොමු කළ බවට සදහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් ගේ කාර්යාලය ඉංග්‍රීසි භාෂාව හරි හැටි පාවිච්චි නොකිරීම නිසා මේ කලබලය ඇති වී තිබෙන බවත්, එහි ලිවිය යුතුව තිබුණේ හදිසී ඕනෑම තත්ත්වයකට සූදානම් වීමේ පියවරක් ලෙස මෙම මළ සිරුරු බහාලන බෑග් ඇණවුම් කරන බව එම ලිපියේම පැහැදිලි කරමින්” බවද වෛද්‍ය බෙල්ලන අවධාරණය කළේය.

කොරෝනා මෘතදේහ බහාලුම් 1000ක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට යොමුකළ ලිපියක පිටපතක් ඊයේ (අප්‍රේල් 26) පස්වරුවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබු අතර එහි ඇත්ත නැත්ත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවේදී, එය සත්‍ය ලිපියක් බව මිලින්ද රාජපක්ෂ සිය FB පිටුවේ සටහනක් තබමින් පිළිගනු ලැබිය.

 

(theleader.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article