දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 23 ක පුද්ගලයින් 62,247 දෙනෙකු පීඩාවට පත්වී සිටින අතර මරණ 16ක්ද සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඊට අමතරව වැසි තත්වය හේතුවෙන් සිදුවූ අනතුරු නිසා එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර, තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබේ.
ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 15කට ඉන් බලපෑම් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 25,508 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි