Tuesday, December 24, 2024

මහ බැංකුවෙන් ගැනුම් හා විකුණුම් මිල ඉදිරිපත් කර නැතත්,ගුවන්තොටුපලේ බැංකු කිහිපයක් කටාර් රියාල් මාරු කිරීමට ඉදිරිපත් වෙයි.

Must read

කටාර් රාජ්‍යයේ සිට අද උදෑසන මෙරටට පැමිණි මගීන් රැගෙන ආ කටාර් රියාල් මාරු කිරීමට බණ්ඩාරනායක් ගුවන්තොටුපලේ ක්‍රියාත්මක ඇතැම් රාජ්‍ය බැංකු තීරණය කර ඇති බව වාර්ථා වෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ එම බැංකු වල ප්‍රධානීන් විසින් වන අතර ලංකා බැංකුවත් මේ තීරණය ක්‍රියාත්මක කල බැංකු අතර වනවා.

නමුත් ඒ වනතෙක් මහබැංකුව මගින් කටාර් රියාල් වල විකිණුම් හා ගැනුම් මිල අගයන් නිකුත් කර නොතිබූ අතර,ඒ මුදල් මාරු කිරීමට පියවර ගත් බැංකු මගින් ඊයේ දිනයේ කටාර් රියාල් වල අගයට වඩා මදක් අඩු අගයකට මුදල මාරුකිරීම සිදුකර තිබෙනවා.

මේ තීරණය මගින් බැංකුවලට  පාඩුවක් සිදුවන නමුත් ඒ බැංකු මගින් මේ තීරණය ගෙන ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට පැමිණි මගීන්ට ගුවන්තොටුපලෙන් පිටත්වීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හෝ අවශ්‍ය වන මුදල් ඔවුන්ට ලබාදීමට බවයි ඔවුන් පවසන්නේ. නමුත් මේ සේවාව බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී ක්‍රියාත්මක වන්නේ අද දිනයේදී මෙරටට පැමිණෙන මගීන්ට පමණක් වන බවත් සදහන්.

Qatar-central-bank-offers-bonds-in-first-riyal-sale-this-year-copy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article