Monday, January 13, 2025

මහින්දානන්දට එරෙහිව නීතිපති ගොනුකල නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 16 දක්වා කල්යයි

Must read

පසුගිය රාජපක්ෂ රජය සමයේ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක් වැය කර කොළඹ කින්සි පාෙර් නිවසක් මිලදී ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණ පණත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 16 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියෝග කර ඇත.

එමෙන්ම ජනවාරි 16 හා 17 යන දෙදින තුල නඩුව විභාග වන බවත් එහිදී සාක්ෂි ලබාදීම සදහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ටද අවවාද කිරීමට විනිසුරුවරයා කටයුතු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article