Tuesday, September 15, 2026
spot_img

මහාධිකරණ පරිශ්‍රයේදී ඡායාරූප මාධ්‍යවේදියෙකුට නියෝමාල් රංගජීවගෙන් බාධා

Must read

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද(10) දහවල් ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කළේය.

ඒ, අදාළ මාධ්‍යවේදියා, ඔහුගේ ඡායාරූපයක් ගැනීමට යාමේදීයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වන්නේ ද, නියෝමාල් රංගජීව මහතායි.

කොළඹ අංක 01 මහාධිකරණ පරිශ්‍රය තුළදී රංගජීව මහතාගේ ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔහු විසින් මාධ්‍යවේදියා අල්ලාගෙන, පොලිස් මුරපොළ වෙත රැගෙන යන අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

රංගජීව මහතා අද පස්වරුවේ පැවැත්වෙන වැලිකඩ බන්ධනාගාර නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට ද නියමිතය.

(newsfirst)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article