මාතර මහා නගර සභාවට අයත් බස්නැවතුම්පොල හා වෙළඳ සංකීර්ණය “මහජන යහපත “වෙනුවෙන් වඩාත් විධිමත් ලෙස සංවර්ධන ය කිරීමේ මෙහෙයුම ආරම්භ කර තිබේ.මේ බස් නැවතුම් පොල හා වෙලද සංකිර්ණය ඉදිකිරිමෙන් පසුව එවැනි මෙහෙයවීමක් මෙතෙක් කල් දකින්න ට තිබුණේ නැත.
දැන් එය ප්රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇත.නගර සභාවට අයවිය යුතු මුදල් නොගෙවූ කඩ කාමර නැවත පවරාගැනීමට ත් ගිවිසුම් අහෝසි කිරීමට ත් නාගරික කොමසාරිස්වරිය පියවර ගෙන ඇත .වෙනස් කිරීමට තවත් බොහෝ දේ ඇත.මේ ජායාරූප මගින් ඔබට ඒවා පෙන්වා දෙමි..!බුලත් කෙල ගැසීම තහනම් දැන්වීම යට ඇත්තේ බුලත් විට කඩයකි.බස් නැවතුමේ තැන් තැන් වල කුඩා කඩ අල්ලිය.මහා නගර සභාව වෙළෙඳ සංකිර්ණයේ කඩ සීමා සුදු ඉරි වලින් වෙන්කර දී ඇතත් ඒවා හිතූ මතේ ආක්රමණය කර ඇත.එස්.කේ. සිනමා ශාලාව ට මුහුණ ලා ඇති පෙට්ටි කඩ දෙක පදික වේදිකාව අවහිර කර ඇත.දේශපාලන හිතවත් කම් මත අනීතියට ඉඩ දී තිබූ පැරණි යුගය දැන් අවසන් ය…!
මාතර මහා නගර සභාවේ පුරපති ජයන්ත පතිරණ මහතා ඇතුළු නාගරික මන්ත්රී කණ්ඩායම මාතර අලුත් කිරීමේ මහජන මෙහෙයුම වඩා විධිමත් ලෙස සංවිධානය කරනු ඇත…!
(දයා නෙත්තසිංහගේ ෆේස්බුක් පිටුවෙනි)








