Friday, September 20, 2024

මරණ දඩුවම හිමිවූවන් වෙනම දූපතකට යොමු කිරීමේ තීරණයක්

Must read

බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සදහන් කර සිටියේ දැනට මඩකලපුවේ ළාඳුරු රෝගීන් සඳහා වෙන්කර තිබු මෙම දූපතේ දැනට සිටින්නේ රෝගීන් දෙදෙනෙකු බවත්,ඔවුන්ද මේ වන විට සුවය ලබමින් සිටින බැවින් අංශවලින් මේ වන විට එම දුපත බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන බරපතළ අපරාධකරුවන් හා මරණ දණ්ඩනයට නියම වු අපරාධකරුවන් එහි ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව අවධානය යොමුව ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article