පසුගිය දවසක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් කැදවලා තිබිණි. එහිදී ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇමතූ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ එළඹෙන මැතිවරණයේදී තමනට තනි මනාම ලබා ගැනීම පිණිස වැඩ කරන ලෙසටයි. එමෙන්ම ශාන්ත බණාඩාර මන්ත්‍රීවරයාට කිසිසේත්ම මනාප ලබාදීමට කටයුතු නොකරන ලෙසටත් දයාසිරි ජයසේකර මහතා සිය ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කර සිටියි.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ තමන් ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායකයා වන බවත් ඒ සදහා වැඩිම මනාප ලබා ගැනීම අතිශය වැදගත් බවත් ශාන්ත බණ්ඩාර ඔහුට සිටින ප්‍රතිවාදියා නිසා ඔහුට වැඩිපුර මනාප ලැබුනොත් එය නායකත්ව ගමනට බලපාන බවත්ය.
කෙසේ වෙතත් ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් මෙහෙදී ඒ සදහා අකමැත්ත පලකර ඇති බවද වාර්තා වෙයි.