Saturday, September 28, 2024

මන්නාරම – උප්පුකුලම් නාලවන් වඩි ගම්මානයේ හීලෑ සුනඛයින් අභිරහස් ලෙස මිය යයි

Must read

 

මන්නාරම උප්පුකුලම් නාලවන් වඩි ප්‍රදේශයේ ගෘහාශ්‍රිත සුනඛයන් සහ කපුටන් අභිරහස් ලෙස මිය යමින් සිටින බව ප්‍රදේශවාසීන් පවසයි. පසුගිය දින කිහිපයේ සිට මෙම සිදුවීම සිදුවන බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදේශයේ ජනතාව මෙසේද පැවැසූහ.

ඉතා නීරෝගීව, එන්නත් ලබාදී හොඳින් රැකබලා ගනිමින් සිටි සුනඛයන් හදිසියේ මිය යාම හද කම්පා කරවන්නක් බවද ඔවුහු පැවසූහ. එම සුනඛයන් නිවසින් පිටතට ගිය අවස්ථාවේදීයි මෙම සිද්ධිය සිදුව ඇති බවද

මේ වන විට සුනඛයින් 8 දෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර තවත් සුනඛයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර එම ප්‍රදේශයේ කවුරුන් හෝ එම සුනඛයින්ට පොහොර මිශ්‍ර ආහාර ලබා දෙන්නට ඇති බවට ඔවුන් සැක පළකරයි. මෙහිදී බල්ලන් පමණක් නොව කපුටන් කුකුළන් ද මිය ගොස් ඇති බව දැනගන්නට ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි බලධාරීන් වහා පියවර ගත යුතු බව සුනඛ හිමියෝ පැවසූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article