Tuesday, March 4, 2025

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් බන්ධනාගාරයට

Must read

මන්නාරම අධිකරණය හමුවේ පසුගිය 16 වැනිදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 10 වැනිදා (2025-02-10) දක්වා රිමාන්ඩ් කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා ෙඊයේ  (29) නියෝග කළේය.

-ඒ අතර බදාදා (29) අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ප්‍රශ්න කිරීම සඳහා 30 දක්වා පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය. මීට අමතරව අද බදාදා (29) මන්නාරම අධිකරණයේ සංවෘත කාමරය තුළ වෙනම හඳුනාගැනීමේ පෙරට්ටුවක් ද පැවැත්විණි.

මන්නාරම උසාවියට ​​ජනවාරි 16 වනදා  නඩු විභාගයක් සඳහා පැමිණි පුද්ගලයන් ඉලක්ක කර වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් කාන්තාවක් ඇතුළු දෙදෙනකු බරපතළ තුවාල ලැබූහ.

මෙම තත්ත්වය තුළ මන්නාරම දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පත්කළ විශේෂ පොලිස් කණ්ඩායම් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ප්‍රධාන සැකකරුවන් ඇතුළු 5 දෙනෙකු මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් තිදෙනෙක් හමුදාවට සම්බන්ධයි.

– සැකකරුවන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ප්‍රශ්න කිරීම සඳහා අද බදාදා (29) යළි මන්නාරම අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පරීක්ෂණ පැවැත්වූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article