Saturday, March 7, 2026

මන්නාරමේ හෙට හර්තාල් !

Must read

 

 

මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති ගරු එස්. මාකස් අඩිගලර් පියතුමා , මන්නාරමේ යෝජිත සුළං බලාගාර ව්‍යාපෘතියට එරෙහිව හෙට (29) දින මන්නාරමේ පැවැත්වීමට නියමිත හර්තාලයට සියලු පාර්ශවයන් පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්, ජනතාවට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරය හෙළා දකින ලෙසත් ඉල්ලා තිබුණි.

-එතුමන් මෙම ප්‍රකාශය කර තිබුනේ අද (28) ඉරිදා මන්නාරමේ පැවති මාධ්‍ය හමුවකදීය.

එතුමන් තවදුරටත් මෙසේද අවධාරණය කර ඇත.

හෙට, සඳුදා, මුළු මන්නාරම දිස්ත්‍රික්කය පුරාම අපි මහා හර්තාලයක් කැදවා ඇත. සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම නවතා සහයෝගය ලබා දිය යුතුය. අපගේ අරගලය ශක්තිමත් කිරීම සඳහා, සියලුම පොදු ප්‍රවාහනය සහ ව්‍යාපාරික ආයතන වසා දමා දිස්ත්‍රික්කයේ සියලු කටයුතු ඇණහිටීමට සලස්වා අපගේ අරගලය ශක්තිමත් කිරීමට අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන අය හෙට දින රැකියාවට නොගොස් අප සමඟ සහයෝගයෙන් කටයුතු කරන අප ඉල්ලා සිටින්නෙමු.

විරෝධතාවය සඳුදා (29) පෙ.ව. 10 ට මන්නාරම පොදු ක්‍රීඩා පිටියෙන් ආරම්භ වි මන්නාරම බසාර් ප්‍රදේශයට ළඟා වේ.

විරෝධතාවය පස්වරු 1.30 දක්වා පවතිනු ඇත. විරෝධතාවය අවසානයේ, අපගේ ඉල්ලීම් අඩංගු සංදේශයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික් ආණ්ඩුකාරවරයාට භාර දිමටද සැලසුම් කර ඇත.

එබැවින්, ධීවරයින්, වෙළඳුන් සහ පොදු ප්‍රවාහන සේවා සපයන අය ඇතුළු සියලුම පාර්ශවයන් සහභාගී වී දිස්ත්‍රික් මට්ටමින් අපගේ අයිතිවාසිකම් සඳහා වන අරගලයට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

මන්නාරම වාර්තාකරු එස්.ආර්. ලෙම්බට්

(2025-09-28)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article