Saturday, March 7, 2026

මන්නාරමට සුළං ටර්බයින ගෙනඒමට විරෝධය දැක්වූ ජනතාවට පොලිසිය පහරදෙයි ?

Must read

 

 

ඊයේ  (26) රාත්‍රිෙය්දී මන්නාරමේ සුළං ටර්බයින කුළුණක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මන්නාරම දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී ජනතාව විසින් ඊට විරෝධය දැක්වූ අවස්ථාවේදී උණුසුම් තත්වයක් ඇතිවී තිබේ. මෙම තත්වය තුළ, සිය ගණනක් ජනයා එක්රැස් වූ අතර කතෝලික පියතුමන්ලාද ජනතාව සමග එක්වි  මන්නාරම පිවිසුමේදී විරෝධතාවක් පවත්වන ලදී.

එහිදි  පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දුන් තුවාල ලැබූ පුද්ගලයින් හදිසි ගිලන් රථ සේවාව හරහා මන්නාරම මහ රෝහලට ඇතුළත් කිරිමට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණි.

මෙම තත්ත්වය තුළ, පොලිසිය තමන්ට එරෙහිව නැගෙන චෝදනා  වසන් කිරීම සඳහා මහජනතාවට එරෙහිව විවිධ බොරු නඩු ගොනු කරමින් සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවද විරෝධතාකරුවන් පවසති.

ප්‍රජාතන්ත්‍රවාදීව පැවති විරෝධතාවයේදී පොලිසිය ජනතාවට අවිධිමත් ලෙස පහර දී ඇතිවා පමණක් නොව, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කර තිබීම මන්නාරම ජනතාව අතර මහත් නොසන්සුන්තාවයකට හේතු වී තිබේ.

මෙම තත්ත්වය තුළ සාමකාමී මහජන විරෝධතාවයේදී කාන්තාවන්, පූජක පක්ෂය සහ මහජනතාව නොසලකා හැර කටයුතු කළ පොලිසියට එරෙහිව විරෝධතා කණ්ඩායම නීතිමය පියවරයන් ගැනිමට සුදානම් වන අතර , මානව හිමිකම් කොමිසමට සහ පොලිස් පැමිණිලි ඒකකයට ද පැමිණිල්ලක් ගොනු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මහජන විරෝධය නොතකා, පොලිස් නිලධාරීන් සිය ගණනකගේ සහාය ඇතිව, සුළං ටර්බයින කුළුණු ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය , විශාල වාහනවලින් ප්‍රවාහනය කළේය.

 

එස්.ආර්.ලැම්බට්

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article