මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හි පවත්වන ලද සාදයට සහභාගී වී සිටි අතරතුර එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි තවත් දෙදෙනකු අද (18) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
මෙසෙ මෙරටට පිටුවහල් කර ඇත්තේ මොහොමඩ් ඉන්හාම් මොහොමඩ් අප්රිඩෙන් සහ රාජපක්ෂ මොහොට්ටිගේ දොන් පියල් පුෂ්පකුමාර රාජපක්ෂ නැමති පුද්ගලයන් දෙදෙනාය.
මොවුන් දෙදෙනා ගුවන් තොටුපළේ දී ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ හා ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් රැගෙන ගොස් ප්රශ්න කිරීම් ආරම්භ කර ඇත.