පසුගිය අඟහරුවාදා (27) පෙරවරුවේ මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම මඩු දේවස්ථානයේ දී පැවැත්විමට නියමිත අගෝස්තු මංගල්ලයට අදාළ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාවට යුද හමුදා සහ පොලිස් නිලධාරීන් ද වෙනත් දෙපාර්තමේන්තු නිලධාරීන්ද පැමිණ සිටියහ. මෙහිදී විශේෂයෙන්ම පානීය ජලය, ප්‍රවාහනය, සෞඛ්‍ය, වෛද්‍ය ආධාර ඇතුළු විවිධ ගැටලු පිළිබඳව සොයා බලා තිබෙන බව දැනුම් දෙන ලදි.
දෙමළ සහ සිංහල භාෂාවලින් අලුත් අවුරුදු දිව්‍ය පූජාව පවත්වනු ලබන අතර, ලබන 2 වැනි දින (2023-07-02) පෙරවරු 6.15 ට, රදගුරු පදවියේ රදගුරු හිමිපාණන් එක්ව මංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වීමට නියමිතය. මඩු මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණීමේ අරමුණින් සියලු කටයුතු සූදානම් කර ඇති බව මන්නාරම රදගුරු හිමිපාණෝ පැවසූහ.