Thursday, January 23, 2025

මඩකලපුව, චතුරකොන්ඩාන් හිදී සමූළ ඝාතනයවූවන් සැමරේ

Must read

1990 සැප්තැම්බර් 9 වන දින මඩකලපුවෙහි චතුර්කොන්ඩාන් හි දී සමූල ඝාතනය කරන ලද පුද්ගලයින් 188 දෙනෙකුට උපහාර දැක්වීමක්   ඊයේ ( 09) වනදා  සවස 5.30 ට හෘද්‍යාංගමව සිදුකරනු ලැබීය. ඊයේ මඩකලපුවේ පැවති වැසි කුණාටු තත්ත්වය යටතේ වින්දිතයින්ගේ  ස්මාරකය අසල මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.

යුද්ධය පැවත්වුණ 1990 දශකය තුළ හමුදාව සහ මුස්ලිම් ජාතිකයින්ගෙන් සැදුම්ලත් නිවාස ආරක්ෂක කණ්ඩායම් සමග එක්ව   (Home guard)  මඩකලපුව දිස්ත්‍රික්කයේ චතුර් කොන්ඩාන්, පානියාචියාඩි, කොකුවිල් සහ පිල්ලයාඩි ප්‍රෙද්ශ වටලනු ලැබූ අතර, මහලු හා තරුණ  පුද්ගලයන් 188 කට වැඩි පිරිසක් හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට පහරදී, කඩු වලින් කපා ඝාතනය කළ බවට මෙයින් දිවිගලවාගත් එක් පුද්ගලයෙකු ගේ තොරතුරු මත අනාවරණය විය. චතුර්කොන්ඩාන් ප්‍රෙද්ශයේ හමුදා කදවුරකදී මෙම පුද්ගලයින් ඝාතනය කළ බවට විශ්වාස කෙරේ. සිය මියගිය ඥාතීන්ට ගෞරව දැක්විම පිනිස ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මෙන්ම දේශපාලන නියෝජිතයින්ද මෙම අවස්තාවට සහභාගී වූහ.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article