Monday, December 23, 2024

මඩකලපුවේ අනවසර ඉඩම් කොල්ලයට එරෙහිව ජනතාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලයි

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ අනවසර ඉඩම් කොල්ලයට එරෙහිව අද ගම්වාසීන් එක්ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන ලදි. මෙම උද්ගෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් සහ පා.මන්ත්‍රී සානෙක්කියාන් රාසමාණික්කම් සහභාගී විය.
කෘෂි ඉඩම්  ඉලක්ක කරගෙන සංවර්ධන කටයුතු සිදුකිරීමට උත්සාහා කරන දේශපාලකයින්ට සහ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විරෝධතාකරුවන් දැඩි විරෝධය පළ කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීම ජනතාවගේ ආන්දෝලනයට ලක්වී ඇති අතර සිය වගාබිම් අහිමිවීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුවී තිබේ.

වී.ශක්තිවේල්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article