Sunday, September 22, 2024

මංගලගෙන් මෛත්‍රිපාල සිරිසේනට යෝකර් පන්දුවක් !

Must read

Mangala-picමුදල හා මාධ්‍ය අමාත්‍යංශය විසින් මත්පැන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකල සංශෝධනවලට එරෙහිව බෞද්ධ භික්ෂුන් වහන්සේලා හා ‘ජාතික බලවේග’ උසිගන්වා ප්‍රකාශ ලබා ගනිමින් මෙම ගැසට් නිවේදනය අවලංගු කරවා ගැනීමට බලපෑම් කරන ලෙසත්, ඒ හරහා ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා අතර ගැටුමක් නිර්මාණය කරන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා සිය මාධ්‍ය ජාලයට උපදෙස් දී ඇතැයි ඉන්ෆො ලංකා නිව්ස් වෙබ් අඩවිය සදහන් කරයි.
මෑත ඉතිහාසය තුල නුතන සමාජයට වඩාත් ලිබරල්වාදි ප්‍රතිසංස්කරණය රැසක් ජනිත කිරිමට නියමිත ගැසට් නිවේදන කිපයක්ම මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා විසින් නිකුත් කර තිබුණි.
මේ යටතේ මෑතකදිම ඉදිරිපත් කරන්නට යෙදුන කාන්තාවන්ට වසර 60 ක් තිස්සේ පැවැති යල්පැන ගිය නිතිය පළමු වරට වෙනස් කරමින් මත්පැන් මිළට ගැනිමට කාන්තාවන් වෙත පණවා තිබු නිතිමය තහනම ඉවත් කර තිබේ.එමෙන්ම මත්පැන් අලෙවි හල් විවෘත කොට තබන වේලාවන්ද මේ සමගින්ම වෙනස් කොට තිබේ.
මේ අනුව දැන් පැය 2 ක වැඩිපුර කාලයක් මත්පැන් අලෙවි සැල් විවෘතව පවති.
මේ ප්‍රගතිශිලි තිරණයට එරෙහිව දැන් ඇතැම් බෞද්ධ භික්ෂුන් පිරිසක් විරෝධය පළකර ඇති අතර ජනාධිපතිවරයාද මේ ගැසට් නිවේදන අවලංගු කිරිමට යන බවට වන අදහස් ඇතැම් මාධ්‍ය විසින් දැනටමත් දක්වා තිබේ.
මංගල සමරවිර ඇමතිවරයා විසින් මේ ගෙන ඇති අතිශය නුනතවාදි ලිබරල් ප්‍රතිසංස්කරණ වලට සමාජයේ අතිබහුතරයක් අතර ඇත්තේ ප්‍රසාදයකි.
රටේ ජනගහනයෙන් 52 % ක් කාන්තාවන් බව අමතක නොකළ යුතුය.
මේ නිසාම බෞද්ධ භික්ෂුන්ගේ මතයට අනුව යමින් ජනාධිපතිවරයා මෙයට එරෙහි වන්නේ නම් එය යළිත් ඔහුට එරෙහිව කැරකි එන බුමරංගයක් වනු නොඅනුමානය.
මංගලට එරෙහිව මතකයක් නිර්මාණය කිරිමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව යොදාගැනිමට කුමන්ත්‍රණයේ යෙදුන පිරිස් දැන් අන්ද. මන්ද සි සිටිති.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article