Friday, December 27, 2024

භූමිතෙල් සඳහා කිලෝමීටර් 2ක් දිග පෝලිමක රැඳී සිටියදී සිහිසුන්ව ඇදවැටුණු මවක්..!

Must read

පැය ගණන් ඉන්ධන, ගෑස් , කිරිපිටිැ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පෝලිම් වල ඉන්න වෙන ආර්ථිකයක් හදපු මේ රට අවුරුදු 74ක් පාලනය කල නිල්-කොළ පාලකයින්ට එරෙහිව දැන්වත් නැගීසිටිමු. වසර පහෙන් පහට අර පැත්තට මේ පැත්තට කතිරේ ගහලා එකම හොරු රැලක් බලයට ගෙනාපු අපේ රටේ යටත්වැසියන් හැමකෙනෙක්ම තමන් කරපු වරද තේරුම් ගතයුතුව තියෙනවා.

.එසේ නොවන්නේ නම් අද මේ අම්මට පෝලිමේ ඉදලා ක්ලාන්තවී ඇදවැටීමට සිදුවුවාසේ හෙට ඔබේ මවට , පියාට හෝ පවුලේ අයෙකුටම එම ඉරණමට මුහුණපෑමට සිදුවනු ඇත.මේ තිත්ත ඇත්ත තේරුම් ගැනීම හොදම වටපිටාවක් දැන් රටේ ජනතාවට උදාවී ඇත.

“වලකට වැටීම මොලයට හොදයි“ කියන්නාක් මෙන් මේ දිනවල අත්විදින සියලු අත්දැකීම හරහා ඔබ ඉගෙනගතයුතු පාඩම් බොහෝය..එසේනම් අපි තේරුම් ගනිමු.. වෙනස් කරමු… මේ මජර සමාජ ක්‍රමය.. එක් සුව පිරිසකට පමණක් ප්‍රතිලාභ ලැබෙන සමාජයේ සාතීශ්‍යය බහුතරයකට දුක වේදනාව කදුළු පමණක් උරුම කරන මේ නරුම සමාජක්‍රමය වෙනුවට අපි ගොඩනගමු සැමට සතුටින් ජීවත්විය හැකි සමාජයක්.. ඒ වෙනුවෙන් අප අපේ සමාජ වගකීම ඉටුකරමු.

පෙළගැසෙමු.. ලස්සන ජීවිතයක් සැමට උරුමකරදීම වෙනුවෙන්.. ඔව් අම්මේ අපි ඔබ වැනි දුකට පත් සියලු ජනයා වෙනුවෙන් ඒම වගකිම ඉටුකිරීමට සදහා උරදෙන්නෙමු..

සිසිර සේනාපති

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article