ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එම පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව තානාපති කාර්යාල ප්රකාශිකාවක් සඳහන් කළාය.
ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වන විට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.