Friday, September 20, 2024

බේයිරූට් පිපිරීමෙන් මේ වන විට මරණ 78ක් තුවාල ලැබූවන් 4000 ඉක්මවයි

Must read

ලෙබනනයේ අගනුවර වන බේයිරූට් අගනුවර සිදුවූ විශාල පිපිරීමෙන් පසුව එරට ජනාධිපති Michel Aoun විසින් විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා එරටට සති දෙකක හදිසි තත්වයක් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

මේ වන විට පිපිරීම හේතුවෙන් සිදුවූ මරණ ගණන 78ක් බවට මාධ්‍ය වාර්ථා සදහන් කරන අතර තවත් පුද්ගලයන් 4000ක් පමණ සිදුවීමෙන් තුවාල ලබා ඇති බවද වාර්ථා වෙයි. කෙසේ වෙතත් මුදා ගැනීමේ මෙහෙයුම් ඉදිරියට ක්‍රියාත්මක වන අතරදී තවදුරටත් මරණ සංඛයාව ඉහළ යනු ඇති බවට එරට මාධ්‍ය අනාවැකි පල කර ඇත.

පිපිරීමෙන් ඇතිවූ කම්පන තරංගයන් අවට විශාල වපසරියක භූමිප්‍රමාණයක් තුල පැතිරී යන ආකාරය වීඩීයෝ පටවල සටහන්ව ඇති අතර බේයිරූට් නගරයට පිටතින් පිහිටි නගරවලට පවා එහි කම්පනය දැනී තිබිණි. එමෙන්ම සයිප්‍රස් රාජ්‍යය වෙතද පිපිරීමේ ශබ්දය ඇසී ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය සදහන් කරයි.

පිපිරීමට හේතුව මේ වන තෙක් තහවුරු වී නොමැති අතර වසර 6ක කාලයක් තිස්සේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750ක් පිපිරීමට හේතු වී ඇත්දැයි මේ වන විට සැකකරයි

INTERACTIVE: Beirut explosion map
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article