Sunday, September 22, 2024

බුරුතු පිටින් කණිෂ්ඨ ක්‍රිකට් පිල නවසීලන්තයට..

Must read

Sri_Lanka_Cricket_logo.svg

මේ මස නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අමතරව විශාල නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇති බව වාර්ථා වේ. ඒ පිරිසට ජේයෂ්ඨ කණ්ඩායමේ තේරිම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි ,පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති,ලේඛම් හා භාණ්ඩාගාරිකද ඇතුලත්ය. මෙහි විශේෂ කරුණ වී ඇත්තේ  ඔවුන් සියළු දෙනාම  මෙම තරගාවලියට සහභාගී වන්නේ ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් බවයි වාර්ථා වන්නේ.  මෙහිදී පාසල් ක්‍රිකට් සංගමයේ ලේඛම් කපිල ජයලත් කණ්ඩායම භාර නිලධාරියා ලෙසටත් සභාපති ඔෂාර පණ්ඩිතරත්න හා භාණ්ඩාගාරික මංජුල වාස් යන පිරිස නීරීක්ෂකයන් ලෙසත් මෙම සංචාරයට සහභාගී වන බවයි වාර්ථා වන්නේ.

මේ පිරිස කල්තියාම සැලසුම් කොට මෙම සංචාරයට සහභාගී වී ඇති බවත් මෙසේ පාසල් නියෝජිතයන් දෙදෙනෙකු නොයවා ඒ වෙනුවට තවත් ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබාදීමට තිබූ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පසුගියදා පැවැති පාසල් ක්‍රිකට් සංවර්ධන රැස්විමකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාදට පවසා ඇත.

එලෙස ජේයෂ්ඨ තේරුම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි ජේයෂ්ඨ කණ්ඩායම සමග බංගලාදේශ සංචාරයට සහභාගී නොවී කනිෂ්ඨ කණ්ඩායමත් සමග නවසීලන්ත සංචාරයට එක්වීමද මේ වන විට දැඩි මතභේදයට ලක්වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article