Saturday, September 21, 2024

බස් රථ දෙකක් එකිනෙක ගැටී ඇගලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 10 දෙනෙකු රෝහල්ගත කෙරේ

Must read

අද (15) උදෑසන හැටන් බගවන්තලාව ප්‍රදේශයේ නෝර්වුඩ්,නිව්වැලිගම ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ඇගලුම් කර්මාන්තශාලාවක සේවාකාවන් ප්‍රවාහණය කරන පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ කර්මාන්තශාලා සේවිකාවන් 10 දෙනෙකු හැටන් දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්ථා වෙයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ඇගලුම් කර්මාන්තශාලාවේ සේවිකාවන් ප්‍රවාහණය කරන බස් රථය තුල සේවිකාවන් 25 දෙනෙකු පමණද ලංගම බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණද ගමන් කර ඇති බව නෝර්වුඩ් පොලීසිය පවසයි.

පුද්ගලික බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගැනීමට නොර්වුඩ් පොලීසිය කටයුතු කර ඇති අතර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(ඡායාරූප – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article