Friday, January 10, 2025

බස් ගාස්තු අඩු නොකලොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා බස් මගී සංගමය කියයි

Must read

ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂවබස් ගාස්තු අඩුකිරීමට කොමිෂම වහාම තීරණයක් නොගතහොත් ජාතික ගමනාගමන කොමිෂමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සමස්ත ලංකා බස් මගී සංගමය සඳහන් කරයි.  එම සංගමය පවසන්නේ දැනට රු.12ක්ව පවතින අවම ගාස්තුව රු.10ක් දක්වා අඩුකල යුතු අතර ඉන්දන මිල අඩුවීඹට සාපේකෂව අනිකුත් බස් ගාස්තුද අඩු කලයුතු බවයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස් සංගම් අතර මේ සම්බන්දයෙන් වන සාකච්ඡාවක් පෙරේදා (05) පවත්වා ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ මේ සම්බන්දයෙන් යලිත් සාකච්ඡාවක් එළඹෙන 21 වනදා පැවැත්වෙන බවයි. සමස්ත ලංකා බස් මගී සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා පවසන්නේ තම සංගමය කිසිලෙසකින් එම ක්‍රියාව අනුමත නොකරන බවයි.

පසුගිය මාසයක කාලය තුල අවස්ථා තුනකදී ඉන්ධන මිල රු.19කින් පහත දැමූ අතර බස් ගාස්තු අඩුවීමක් මේ වන තෙක් සිදුව නැත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article