Tuesday, December 24, 2024

පොහොට්ටුව තුනට කැඩෙයි ? සජබ ඉරණම කුමක්ද ?

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ අභ්‍යන්තරයෙන් මේ වනවිට ‘තුනට කැඩී’ ඇතැයි එහි ප්‍රකාශකයෙක් ‘අද’  පුවත් පතට  පැවසු බව එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ඔහු සඳහන් කර සිටියේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාගේ කණ්ඩායම සහ නාමල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම යනුවෙන් කොටස් 02ක් නිර්මාණය වී ඇති අතර, ඊට අමතරව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිස වෙනම කණ්ඩායමක් ලෙස එක්ව ඇති බවයි.

එහිදී සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකු පමණ මේ වනවිට එක්ව ඇති අතර, එහිදී ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.

මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ.

කෙසේ වුවද මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රසන්න රණතුංග යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් වෙන්ව කටයුතු කිරීමට මේ වනවිට පෙළඹී ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී ඔවුන් ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර සජබෙන් ඉවත් වෙන අයට සිදුවන දේ ගැනද පසුගියදා එහි නායක සජිත් ප්‍රේමදාස පවසා තිබුණි

මගි ජන බලවේගයෙන් ඉවත් වී ආණ්ඩුවට එකතු වීමට යමෙක් අදහස් කරන්නේ නම් එය ඔහුගේ දේශපාලන ගමනේ අවසානය වනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ, ඉදිරි මැතිවරණවලදී අවස්ථාවාදී දේශපාලඥයින්ට ප්‍රතිචාර දැක්වීමට ජනතාව සුදානමින් පසුවන බවය.

මහනුවර ප්‍රදේශයේ පැවැති සමගි ජනබලවේගයේ ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

“සමගි ජන බලවේගයෙන් යනවාලු ආණ්ඩුවට. මම එකක් කියන්න කැමතියි කවුරුත්නම් යන්න නැහැ. හැබැයි ගියොත් ඉතින් එයාලගේ දේශපාලන මරණසහතිය තමයි ඒ අය අත්සන් කර ගන්නේ. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා කව්ද අවස්ථාවාදී දේශපාලනය කරන්නේ. කව්ද සටකපට දේශපාලනයේ නිරත වෙලා සිටින්නේ. කව්ද ජනතාව බිල්ලට තියෙලා ජනතාවගේ කරපිටින් ඡන්ද ගත්ත අය වරදාන වරප්ප්‍රසාද ප්‍රතිලාභ ලබාගන්නට ආණ්ඩුවලට එකතුවෙන්නේ කියලා හොඳින් බලාගෙන ඉන්නවා. දැන් අපි බලන්න විපක්ෂයේ ඉඳගෙන හොඳයි කියලා හිතුනු දේකට අපි උදව් කරනවා.  ඒක අංග සම්පූර්ණ විසඳුම නෙමෙයි. අපි 22 ඡන්දය දුන්නේ ඇයි 20ට වැඩිට ඩින්ගිත්තක් හොඳ නිසා.. චුට්ටිත්තක් හොඳ නිසා. එහෙම නැතිව 22 නෙමෙයි රටේ දේශපාලන ප්‍රශ්නයට තියෙන හොඳම විසඳුම. ඒක අරික්කාලේ විසඳුමක්.”

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article