Saturday, September 21, 2024

පොතුවිල් පොලිසියේ 11 දෙනෙකුට කොවිඩ්

Must read


පොතුවිල් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව පරීක්ෂණ වලදී හඳුනාගෙන ඇති බව කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී සුකුණන් මහතා පවසන ලදී.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද (22) මාධ්‍ය වෙත යවන නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.තවදුරටත් ඔහු සදහන් කළේ පසුගිය දින 03 තුළ කල්මුණේ ප්‍රදේශයේ සිදුකළ කොරෝනා පරීක්ෂණයකින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන බවයි. ආසාධිත වූ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ප්‍රතිකාර සඳහා ආඩාලායිචේන ඳකෝවිට් අතුරු කදවුර වෙත ඇතුළත් කර ඇත.
විපතට පත් බොහෝ පොලිස් නිලධාරීන් මොණරාගල දිස්ත්‍රික්කයේ අය වන අතර මෙම තත්ත්වයන් පිළිබඳව මහජනතාව අවධානයෙන් සිටිය යුතු අතර සනීපාරක්‍ෂක පිළිවෙත් දැඩිව පිළිපැදිය යුතුය.සෞඛ්‍ය පිළිවෙත් උල්ලංඝණය කරමින් මහජනතාව රැස්වී සිටීම සම්බන්ධයෙන් බොහෝ ස්ථානවලින් පැමිණිලි ලැබී ඇති බව ඔහු සඳහන් කරන ලදී.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article