Saturday, September 21, 2024

පෙට්ට්‍රල් , ඩීසල් අඩුවුනාට ප්‍රවාහන ගාස්තු අඩුනොවේ ????

Must read

පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් රෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ජයරුක් මහතා පවසා ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෛනිකව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.

රජය ඉන්ධන මිල අඩු කළත් කලු කඩවලින් වැඩි මිලට පෙට්රල් මිල දී ගැනීමට සිදු වන බැවින් තෙල් මිල අඩු කිරීමෙන් තමන්ට ලාභයක් නොවන බවත් සභාපතිවරයා කීවේය

තමන්ට ලබාදෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කරන්නේ නම් අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථ ගාස්තු ප්‍රමාණය පහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
<p>මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක මුදලකුත් එතැන් සිට සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් සියය බැගින් අය කරන බවත් ඔහු කීවේය.

මේ අතර ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු නොවන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පවසා තිබේ

බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල සියයට 4 ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩු වියයුතු බවත් රුපියල් 430 ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියක් 15 කින් ඩු කිරීමට සියයට 4 කට අඩු ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු අඩු කළ නොහැකි බවත් තිලාන් මිරැන්ඩා කියා ඇත<

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article