ප්‍රහාරයට සෘජුවම සම්බන්ද පිරිස් හෙලි කිරීම සදහාත්, මෙතෙක් පළවු අසත්‍ය තොරතුරු නිවැරදි කිරීම සදහාත් ඔවුන් මෙලෙස සාක්ෂි ලබාදීමට නියමිත බව කියැවේ. ප්‍රථමයෙන්ම ඔවුන් සාක්ෂි දීමට නියමිතව ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කරුණු විමසන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේය. තවත් දෙසතියක් තුළ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා ඊට කැඳවීමට නියමිත බව වාර්තාවෙයි.

ඉන් අනතුරුව ඔවුනට එරෙහිව අධි චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව කැඳවීමට නියම වී ඇත. මෙම විත්තිකරුවන් දෙදෙනා තමන් ජනාධිපති කොමිසම හා අධිකරණය හමුවේ කරනු ලබන ප්‍රකාශ රහසිගතව සිදුකිරීමට කලින් සැලසුම්කර තිබුණද මේ වන විට එම සාක්ෂි විවෘත උසාවියේදී ජනතාවගේද දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇතැයිද වාර්ථා වෙයි.