Friday, September 20, 2024

පුත්තලමේ දස හැවිරිදි දැරිය දූෂණය කර මරා දැමූ සැකකරු මසකට පසු අත්අඩංගුවට

Must read

පුත්තලම, ආසිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මසක පමණ කාලයකට පසු අද (16) අළුයම පුත්තලම මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය දැරියගේ මවගේ අනියම් සැමියා ලෙස හදුනාගෙන ඇති මෙම පුද්ගලයා පාලවිය, පෙරියකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි සිමියොන් ඇලෝසියස් නැමති 41 හැවිරිදි විවාහකයෙකි.
මෙම දැරිය සියබමය සමග පුත්තලම,ආසිරිගම ප්‍රදේශයේ පොල් වත්තක පිහිටි නිවසක පදිංචිව සිට ඇත. කෙසේ වෙතත් දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වීමෙන් අනතුරුව දැරියගේ මවවිසින් ඇයව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මව පවසා ඇත්තේ දැරියට සර්පයෙකු දෂ්ඨ කල බවය.රෝහලට ඇතුලත් කරන විටත් දැරිය මියගොස් සිට ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු මාසයකට ආසන්න කාලයක් ප්‍රදේශයෙන් පළා ගොස් සිට ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදවා තිබුණි.
අදාළ සැකකරු අද අත්අඩංගුවට ගෙන ඇති අතර,
සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article