Monday, December 23, 2024

පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස වැඩ භාරගනියි

Must read


කොරෝනා සම්බන්ධයෙන්  රජය ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත්විය යුතු වන අතර  ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බවටත්  සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් මහතා පසුගියදා මඩකලපුවේදී පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ  මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  වැඩබාරගත් අවස්ථාවේදීය.  ගෝලීය අභියෝගයක් වන කොවිඩ් 19 කොරෝනා   මඩකලපුව දිස්ත්‍රික්කයට පැමිණ තිබේ. සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ පළදායිතාව ඉහළ නැංවීම පිළිබඳ පොදු ප්‍රතිපත්ති සැලැස්මක් සඳහා වැඩ කළ යුතුයි. පවතින වසංගත තත්ත්වය හමුවේ අපගේ  ඉලක්කය වන්නේ කොරෝනා ආසාදනය වැළැක්වීම සහ ජනතාව ආරක්ෂා කිරීම සහ ඒ සමඟ අපගේ ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීමයි.මෙම ව්‍යාපෘතියේ සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරමි. එම රැස්වීමේදී 2021 වර්ෂය සඳහා වන ක්‍රියාකාරකම් සහ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා පිළිබඳව සොයා බලා එය නිම කිරීමට සැලසුම් කරන බව ඔහු පැවසීය.එම රැස්වීමේදී 2021 වර්ෂය සඳහා වන ක්‍රියාකාරකම් සහ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා පිළිබඳව සොයා බලා එය නිම කිරීමට සැලසුම් කරන බවත් ඔහු පැවසීය.


දේවා 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article