Monday, December 23, 2024

පෑලියගොඩත් මාළු මිළ පහලට …

Must read

පසුගිය කාලය තුල ඉහල ගොස් තිබුණ මාළු මිළ මේ වන විට යම්මට්ටමකින් පහල යමින් තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ තොග මිල සියයට 50කින් පහල බැස ඇති බව, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ලේකම් ජයන්ත කුරේ පැවැසීය. ඒ අනුව බලයා කිලෝව රු. 600ක්, කෙලවල්ලා කිලෝව රු. 1000ක්, පරා කිලෝව රු. 1500ක්, සාලයා කිලෝව රු. 350ක්, හුරුල්ලා කිලෝව රු. 750ක්, ලින්නා කිලෝව රු. 600ක් ආදී ලෙස අළෙවි වේ.

මත්ස්‍ය අස්වැන්න ඉහළ යාමත් සමග මෙලෙස මිල පහළ බැස ඇති බවත් මෙම මිල ගණන් ලබන නොවැම්බර් මස අග වන තුරු පවතින බවත් ලේකම්වරයා සඳහන් කළේය.

 

මිගමුවේ ධිවර ව්‍යාපාරිකයන් පවසා සිටින්නේ ලින්නා මිළ යන්නේ නම් එය අනෙක් මාළුවල මිළද පහල යාමට බලපෑ හැකි බවය.
මේ අතර මිගමුවේද පසුගිය දිනවල මාළු මිළ පහත ගොස් තිබුණි . වෙනදා රු 800 කටත් ඉහල මිළකට අලෙවි වු හාල්මැස්සන් කිලෝවක් දැන් රු 300-400 ත් අතර අගයක පවති .එමෙන්ම කුම්බලා ( කුඩා)  මෙන්ම සාලයා කිලෝවක මිළද පහලට  ගොස් තිබේ. එයද පසුගිය දිනවල රු 300-400 අතර අගයක තිබුණි.
මිගමුවේ වෙළද පලේ හුරුල්ලන් මිළ තවදුරටත් ඉහල අගයක පවති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article