Friday, September 20, 2024

පැල්වත්ත ලංකා සිනි සමාගමේ සභාපතිවරයා ඉවත්කිරිම ගැන සේවකයන්ගේ විරෝධය..

Must read

පැල්වත්ත ලංකා සිනි සමාගමේ සභාපතිවරයා ඉවත්කිරිමට විරෝධය පලකරමින් එම සිනි සමාගමේ සියලු සේවකයින් විරෝධතා ව්‍යපාරයක් අද දහවල් සිනි සමාගම් පරිශ්‍රය ඉදිරිපිටදි පැවැත්වුහ.
මේ අවස්ථාවට සිනි සමාගමේ සියලු වෘත්තිය සමිති නියෝජනය කරමින් පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටි අතර වෘත්තිය සමිති නියෝජිතයින් රැසක්ද අදහස් දැක්වුහ.
සභාපතිවරයා යලි සේවයේ පිහිටුවිම නොකල හොත් ලබන සඳුදා දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බව පැවසු ඔවුහු මේ සම්බන්යෙන් කඩිනමින් ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කල යුතු බව කියා සිටියහ.
ජනතාවහ හමුවේ වෘතිතය සමිති නියෝජිතයින් අදහස් දක්වසමින්
මේ සභාපතිවරයා ඉවත් කිරිම තුල අපිට සෙවනගල හා පැල්වත්ත සිනි සමාගම් අපට අහිමි කරන්නහදනවද  කියලා සැකයත් මතුවෙලා තියෙනවා ..
ඒකේ ප්‍රතිපලයක් හැටියට අපේ සමාගමේ සභාපතිතුමා කිසියම් කණ්ඩායමක් විසින් ඉවත්කරලා තියෙනවා .30දා අපිට දැනුම් දිලා තියෙනකවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තාවකාලිකව අයින් කරලා ඒ වෙනුවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයෙක් පත්කරලා කියලා දැන්ම්දිලා තියෙනවා අපි අහන්න කැමතියි ඔය කියන මහත්වරු පැත්වත්ත සෙවනගල සිනි සමාගමස්වල ඇවිල්ලා දායත්වයක් දිලා තියෙනවාද .
වෙන රටවල් වල පෞද්ගලිකරණය කරනේනේ ලාභ නොලබන ආයතන පැල්වත්ත කියන්නේ  ලාභ ලබන ආයතනයක් ඒකට අත තියන්න අපි ඉඩතියන්නේ නෑ.
සුලු පිරිසකගෙ කුමන්ත්‍රණවල අවසාන ප්‍රතිපල වලට අපිට භුක්තිවිදින්න වෙලා . සුරක්ෂීත ආයතන දෙකක් විදිහට ගමනක් යන්න පටන්ගත්තේ මේ නිළධාරින් මුලිකත්වය ගත්ත නිසා .දැන් ආයෙවතාවක් සුළු පිරිසක්  පසුසට ගමනක් යවන්න කටයුතු කරමින් ඉන්නවා . මේ අවස්ථාවේ අපි සියලු වෘත්තිය සමිති එකට ඉන්නවා .යැයි කියා සිටියහ.
පුරා පැයකට අධීක කාලයක් මෙම විරෝධතාවය පැවති අතර විවිධ සටන් පාඨ කියමින් ඔවුහු විරෝධතාවයේ නිරත වුහ.
ඉන්දික ගරුසිංහ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article