අද (10) උදෑසන වාලච්චේන පාසිකුඩා වෙරළේ පිහිනමින් සිටි රුසියානු ජාතිකයෙකු මියගොස් තිබේ. උදෑසන 6.30ට පමණ පාසිකුඩා හි මාලු මාලු හෝටලය අසල මුහුදේ සිය බිරිදත් සමගින් ඔහු පිහිනීමට ගොස් තිබුන අතර එසේ පිහිනමින් සිටියදි මෙම මරණය සිදුව ඇතැයි ප්‍රාදේශිය මාධ්‍යකරුවන් පවසා සිටිති.
. වයස අවුරුදු 45ක් පමණ වයසැති මෙම විදේශිකයා සිය දියණියන් සහ බිරිදත් සමග සංචාරය පිණිස මෙරටට පැමිණ තිබේ. මේ වනවිට ඔහුගේ සිරුර වාලච්චේන මූලික රෝහලට ගෙනගොස් ඇත.
පාසිකුඩා මුහුදේ දී විදේශිකයෙකු මිය යයි
![WhatsApp Image 2025-01-10 at 12.40.20_6be47d82](https://citizenpostlk.com/wp-content/uploads/2025/01/WhatsApp-Image-2025-01-10-at-12.40.20_6be47d82.jpg)