Friday, September 20, 2024

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් දුම්රිියේ ගැටෙයි ..

Must read

යාපනයේ පුන්කන්කුලම් ආනන්දන් වීදියේ දුම්රිය හරස් මාර්ගයේ දී පෞද්ගලික බස් රථයක් දුම්රියක ගැටීම නිසා එහි රියැදුරු එතනම මරුමුවට පත්වී තිබේ.

මෙම බස් රිය දුම්රිය හරස් මාර්ගයට හදිසියේ දැමීම නිසා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී තිබේ. යාපනය පොලිසිය පවසන අන්දමට මේ මොහොතේ බස් රියේ මගීන් කිසිවකු ගමන් කර නැත. මෙම බස් රිය පාසල් ළමුන් ප්‍රවාහනය කරන එකකි.

පාසල් දරුවන් රැගෙන ඒමට යමින් සිටියදී මෙම බස් රථය අනතුරට මුහුණපා තිබේ. යාපනයේ පුන්කන්කුලම් දුම්රිය ස්ථානයට නුදුරින් මෙම අනතුර සිදුවී ඇත.
මේ අතර උණවටුන ප්‍රදේශයේදි  අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදි ත්‍රිරෝද රථයක් අනතුරට ලක්ව තිබේ
රුසියානු ජාතික කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදිම මිය ගොස් තිබුණි

මුලාශය දිවයින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article