Wednesday, October 16, 2024

පාරම්පරික ඉඩම් ඉල්ලා මඩුරායන් ගම්වාසීන් විරෝධතාවයක

Must read

 

මළුවරායන් කට්ටයිඩම්බන් ප්‍රදේශයේ පිහිටි තම සම්ප්‍රදායික ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති බවට චෝදනා කරමින් ජනතාව පසුගිය 14 වනදා පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළා.

1997 දී යුද්ධය නිසා අවතැන්වී පසුව 2004 දී නැවත එම ප්‍රෙද්ශ වල පදිංචි වුණා.  2012 දී  එහි සිදුකළ වගා කටයුතු හේතුවෙන් ගම්වාසින්  දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවේදී වන සංක්ෂන දෙපාර්තුමේන්තුව විසින් එම ප්‍රදේශයට වෙන්කරන ලදී. එහිදී ගම්වාසීන් විසින්  තම දේශීය පලතුරු ලබා ගන්නේ කෙසේදැයි විමසූ විට ඔවුන් පැවසුවේ අධිකරණ තීන්දුවෙන් පසු එම ප්‍රදේශය නිදහස් කරන බවයි. පසුව  ප්‍රදේශය ජනතාවට අයිති බවත් වන සම්පත් දෙපාර්තමේන්තුව විසින් එය නිදහස් කළ යුතු බවටත් අධිකරණය තීන්දු කළ පසුව ද වන සම්පත් දෙපාර්තමේන්තුව එය නිදහස් කළේ නැත.

මේ හේතුවෙන් තම ජීවනෝපාය අඛණ්ඩව අඩාල වී ඇති බව ප්‍රදේශවාසීහු පවසයි.  ගම්වාසීන් සඳුදා පෙරවරු 11ට මඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වී අද විරෝධතාව ආරම්භ කළා.

අපට අයත් ඉඩම වහාම වන සම්පත් දෙපාර්තමේන්තුව නිදහස් කර මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස බලකරමින් ඔවුහු විවිධ බැනර් රැගෙන ගියහ.

මේ අතර ගම්වාසීන් තම ඉල්ලීම මඩු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කර අධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කර එම ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් කඩිනමින් අයකරගෙන තමන්ට ලබාදීමට කටයුතු කරන ලෙස මඩු ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියහ.
එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article