Monday, January 13, 2025

පාකිස්ථානයේ රෝහලක සිදුවූ කෝලහාලයක් සම්බන්දයෙන් අගමැතිගේ බෑණා සොයා පොලිස් මෙහෙයුම්

Must read

රොගීන් තිදෙනෙකුට මරු කැදවමින් පාකිස්ථානයේ රෝහලක කලහකාරී ලෙස හැසිරුන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ බෑණනුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

වෛද්‍යවරුන් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් නීතීඥයින් සිය ගණනක් පාකිස්ථානයේ මෙම රෝහල වෙත කඩා වැදී රෝහල කොල්ලකා ඇති අතර කෝට් හා ටයි වලින් සැරසී සිටින නීතීඥයින් විසින් රෝහල් සේවකයන්ට පහර දෙමින් රෝහලේ දේපල වලට හානි කරන දර්ශණ මේ වන විට මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින අතර එම දර්ශන වල අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ බෑනා වන හසාන් නියාසි ද සිටීම හේතුවෙන් පොලීසිය මේ වන වි ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත. පොලීසිය විසින් ඔහුගේ නිවස පරීක්ෂා කර තිබූ අතර ඒ වන විටත් ඔහු නිවසින් පැන ගොස් මේ වන විට සැගව සිටින බවද වාර්ථා වෙයි.

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ බෑණනුවන් රෝහලේ සිදුවීමේ දර්ශණ වල සිටින ආකාරය එරට මාධ්‍ය වාර්ථා කර තිබිණ.

කෙසේ වෙතත් මේ වන තෙක් නීතීඥ හසන් නියාස අත්අඩංගුවට පත්නොවීම හේතුවෙන් රටතුල විශාල විරෝදයක් ගොඩ නැගී අැති අතර බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ ඔහු අගමැතිගේ ඥතියෙකු වීම හේතුවෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන බවයි. නමුත් පොලීසිය පවස්නේ ඔහු මේ වන විට සැගව සිටින බව හා ඔහු සොයමින් ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් මේ වන විට සිදුවීමට සම්බන්ද වූ නීතීඥයින් 80කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති අතර ඉන් 46 දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. එමෙන්ම තම සහෝදර නීතිඥයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් තවත් නීතීඥයින් පිරිසක් පොලීසියට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම් වන බවද විදෙස් මාධ්‍ය වාර්ථා වල සදහන්.

කලහකාරී තත්වය ඇතිවීමත් සමග ඇතැම් රෝගීන් රෝහල් පරිශ්‍රයෙන් පිතට රැගෙන විත් තිබූ ආකාරය
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article