Wednesday, November 27, 2024

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය දක්වන අපේක්ෂකයන් 13ක්

Must read

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකුට සහය දක්වන තවත් අපේක්ෂකයන් 13 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව සදහන් කර ඇත්තේ “ඬේලි මිරර්” පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

එමෙන්ම මේ වන විට එම අපේක්ෂකයන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු සකස්කරමින් සිටින බවද දේශප්‍රිය මහතා සදහන් කලේය.

මෙම අපේක්ෂකයන්ගේ නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාව සිටිනු මැතිවරණ කොමිසමේ නිලධාරීන් විසින් නීරීක්ෂණය කරනු ඇති බවත් ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ වේදිකාවල සිට ජනතාව අමතා ඇති බවත් දේශප්‍රිය මහතා සදහන් කලේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article