පත්තර කලාව කියන්නේ ඉස්සර මාර වැදගත් දෙයක්
මට පත්තර කාරයෙක් වෙන්න පට්ට ආසාවකින් හිටියේ පොඩි කාලේ ඉදලම ගෙදරට ගත්තු පත්තර නිසා
පස්සේ මම පත්තර ලෝලියෙක් වුණා
සිරස රූපවාහිනියෙන් මගේ මාධ්‍ය ජීවිතයට ආරම්භ කළා
මම අන්තිමට පත්තරකාරයෙක් වුණා.
පත්තරකලාවේ මට පුළුවන් උපරිමය මම කළා කියලා මම ඉතාමත් තෘප්තිමත්.
හොඳම පත්තරකාරයා නොවුනත් ටිකක් හොඳ පත්තරකාරයෙක් වෙන්න මට පුළුවන් වුණා.
ඒත්,
ආචාරධර්ම, ගුණාත්ක බව, මිත්‍යාවට එරෙහි මත කතා කරද්දී
අවස්ථා ගණනාවක් ම මට ලැබුණේ පළ නොකිය පලා බෙදීම්
ඒ සියල්ල විඳ දරාගත්තා.
ගතානුගතික පත්තර කලාව ඉතා ඉක්මණින් කනත්තට යනව කියලා
අපි කිව්වම
දැවැන්ත පත්තරකාරයෝ, ලොකු ලොකු පත්තරකාරයෝ
පත්තර හිමිකරුවෝ අපිට හිනා වුණා.
අපි ඩිජිටල් අවකාශයට මාරු වුණා. අලුත් අලුත් දේවල් සොයාගෙන ගියා
පත්තරකලාව මිත්‍යාව වපුරුවමින්, ගුණාත්මක බව තමන්ගෙන් ඈත් කරගනිමින්, ආචාරධර්ම තුට්ටුවකට නොසළකමින්, මාධ්‍යකරුවා තඹයකට මායිම් නොකමින් මුදලාලිලාට ඕනෑ විදියට අරගෙන ගියා.
අපි කිව්වා ඒක එහෙම කරන්න එපා
පාඨකයන් නැතිවෙච්ච දවසට පත්තර ඉවර වේවි කියලා
ඇහුවේ නෑ.
අද ඒක සිද්ද වෙලා.
මගේ ඥාතියෙක් හිටියා දකුණේ එක්තරා නගරයක පත්තර කඩයක් කරපු.
2019 වෙනකොට එයා එක් ඉරිදාවකට පත්තර 800-900ක් විකුණනවා.
දැන් මාස දෙකකට ඉස්සෙල්ලා ඉරිදා දවසකට විකිණෙන පත්තර ගණන 50කටත් වඩා අඩු වෙලා.
එයා පත්තර කඩේ වහලා දැන් ගෙදරට වෙලා ඉන්නවා.
මේ තමයි ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ මළගම
(සජීව විජේවීරගේ ෆේස් බුක් පිටුවෙනි)