Wednesday, December 25, 2024

නීති විරෝධී වැලි ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයින් මඩකලපුවේදී අත්අඩංගුවට

Must read

මඩකලපුව  පොලිස් කොට්ඨාශයට අයත් ඕමදියාමඩු  ප්‍රදේශයේ දි බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස දකුණු ප්‍රෙද්ශයට ගෙනයාමට තිබූ  වැලි ටිපර් රථ මඩකලපුව පොලීසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම වැටලීමේදී රියදුරන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. වැලි පැටවිම සදහා මෙම පුද්ගලයන් දකුනේ සිට මඩකලපුවට ගොස් ඇති අතර මෙම වැටලීම  මඩකලපුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මඟ පෙන්වීම යටතේ කොට්ඨාශ අපරාධ අංශයේ මෙහෙයවීමෙන් සිදුකර තිබේ. ‍ෙ
නිකුත් කරන ලද බලපත්‍රයට අමතරව නීතිවිරෝධී වැලි කැණීම් සහ වැලි පැටවීම, ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතුවලට බලපෑම් කිරීම සහ ගංවතුර හා මාර්ග හානි සිදු වූ බවට චෝදනා කරමින් ඔමාඩියමඩු ප්‍රදේශයේ පසුගිය කාලයේදී විරෝධතා පැවතුනි. එවැනි තත්වයක් තුළ වැලි පටවන ලද වාහන විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීම ගැන ඔවුහු පොලිසියට ස්තූතිවන්ත වූහ.රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article